කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. 

මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට එරෙහිව පෙළගැසෙමු" යන්න මනාව විදහා පාමින් ඉතා වටිනා දැනුවත් කිරීමේ වැඩසටහනක් එහිදී සංවිධානය කර තිබුණා.
දූ දරුවන්ගේ අපූරු නැටුම්, ගැයුම් සහ කථනයන්ගෙන් හැඩවුණු මේ සොඳුරු හෝරාවන් වඩාත් වර්ණවත් වූයේ, පරිසර තේමාවන් රැගත් චිත්‍ර තරගය නිසාවෙනි. 
පරිසරයත් සමඟ නිතර මුසු වන ඒ ගම්බද දූ දරුවන්ගේ හදවත් තුළ පරිසරයට ඇති ලෙන්ගතුකම සහ ඇල්ම, වැඩසටහන පුරාම අප සැමට දැකගත හැකි වුණා. 

"අපේ හුස්මෙන් පවා - පරිසරය නිවී සැනසේවා!"


සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.

























