ආයතන අංශය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ  මාදම්පේ හංදියේ පිහිටා ඇත.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
  • ජාතික හැදුනුම්පත.

විදුලි බිල්පත් නම් මාරු කිරීමේදී ගෙන ආයුතු ලේඛන මොනවාද?

  • විදුලිය ලබා ගැනීමට අදාල ස්ථානයේ අයිතිය සනාථ කරන ඔප්පු
  • නිවාස සංවර්ධන අධිකාරියෙන් හෝ නගර සභාවෙන් ඉදිරිපත් කරන ලද අයිතිය තහවුරු කරන ලිපිය
  • ජාතික හැදුනුම්පත

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • පළමු වටයේ තෝරා ගැනීම් අවසන් අතර දෙවන වටය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

news &Events

ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

ජූනි 22 2026
ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට...

2025 වසර ආරම්භය

ජනවාරි 02 2025
2025 වසර ආරම්භය

2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරමින්.........

“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

ජනවාරි 13 2023
“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය  කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ  විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.          ...

"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ජූලි 20 2025
"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ඇන්දාන මඩලගම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පැවති ජංගම සේවා වැඩසටහන මඩලගම විහාරස්ථානයේ දී 2025.10.03 දින සාර්ථකව පැවැත්වුණි.

« »
Scroll To Top