අපගේ දැක්ම
ප්‍රදේශයේ ජනතාවට ඵලදායී සහ විශිෂ්ටතම සේවයන් සලසන හොඳම රාජ්‍ය ආයතනය බවට පත්වීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවාවක් සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය
කහවත්ත යනු වර්තමානයේ ශ්‍රී ලංකාවේ මැණික් සඳහා වඩාත් ජනප්‍රිය රත්නපුර දිස්ත්‍රික්කයේ වසම් 17 න් එකකි. එය හෙක්ටයාර 10,205 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය මුළු දිස්ත්‍රික් භූමි ප්‍රමාණයෙන් 3.1% කි. ග්‍රාම නිලධාරී වසම් 21ක් ද ඊට ඇතුළත් වී ඇත.

කහවත්ත ලෙසින් හැඳින්වුවද අතීතයේ මෙම ප්‍රදේශයේ ප්‍රධාන කොට්ඨාශය වූයේ "නුගවෙල කොට්ඨාශය" ය. ජනප්‍රවාදයට අනුව රත්නපුර පුරාණ මහා සමන් දේවාලයට "කහ" ලබාදීම සඳහා මෙම ප්‍රදේශය ජනප්‍රිය විය. එම නිසා මෙම ප්‍රදේශය කහවත්ත ලෙස හඳුන්වනු ලබන අතර එහි තේරුම "කහවත්ත / කහ පෙදෙස" යන්නයි. එමෙන්ම රත්නපුර සමන් දේවාලයට අයත් කැටේතැන්න ප්‍රදේශයට ආසන්නව "කහවතු කන්ද" නමින් ගම්මානයක් ද අද අපට දැකගත හැකිය. පසුව මෙම ප්‍රදේශයේ පොලිස් ස්ථානය, රෝහල, ගම් වැනි වැදගත් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජනතාව කහවත්ත ලෙස මුළු කොට්ඨාසයටම නම් කළහ.
සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
|
නම |
තනතුර |
සිට |
දක්වා |
|
ඒ.එම්.බී.වැලිගෙපොල මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
|
|
|
ඒ.බී.තලතුනේ මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1958 |
1974 |
|
ජී.මුදන්නායක මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
||
|
එච්.එම්.ඩී.හේරත් මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
||
|
එස්.එම්.බී.ඩබ්.එම්.මන්ත්‍රිපාල මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
||
|
අයි.ඩී.ධනපාල මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1974 |
1979 |
|
එස්.පී.එස්.සේනාධීර මයා |
සහකාර ආණ්ඩුවේ ඒජන්ත |
1979 |
1988 |
|
ජී.සතරසිංහ මයා |
සහකාර ආණ්ඩුවේ ඒජන්ත |
1988 |
1991 |
|
එස්.එස්.වෙත්තසිංහ මයා |
උපදිසාපති |
1991 |
1992 |
|
ජී.ඊ.චන්ද්‍රරත්න මයා |
ප්‍රාදේශිය ලේකම් |
1992 |
1995 |
|
ඩී.ඩබ්.ජයසිරි මයා |
ප්‍රාදේශිය ලේකම් |
1995 |
1997 |
|
ජේ.ඒ.රංජීත් මයා |
ප්‍රාදේශිය ලේකම් |
1997 |
2000 |
|
ජේ.එම්.දේවප්‍රිය විජයරාජ මයා |
ප්‍රාදේශිය ලේකම් |
2000 |
2005 |
|
දයානන්ද කොළඹගම මයා |
ප්‍රාදේශිය ලේකම් |
2005 |
2011 |
|
බී.ඒ.සී.පී.බමුණුආරච්චි මයා |
ප්‍රාදේශිය ලේකම් |
2012 |
2017 |
|
බී.ටී.ගයනි අයි කරුණාරත්න මිය |
ප්‍රාදේශිය ලේකම් |
2017 |
2022 |
|
බී.එස්.ජී.රුවන්සිරි මයා |
ප්‍රාදේශිය ලේකම් |
2022 |
2024 |
|
සංජීවනී කන්ඩම්බි මිය |
ප්‍රාදේශිය ලේකම් |
2024 |
මේ දක්වා.... |














